Wednesday, February 1, 2017

ජාතික ඵලදායිතා තරගයෙන් දෙවෙනි තැන ලැබු වගයි...



2015 ජතික ඵලදායිතා තරඟයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙවන ස්ථානය ලැබූ අතර, මේ දැක්වෙන්නේ එහි ජාතික උත්සවයේ අවස්ථා කිහිපයකි.







හමාර ලිවිල්ලෙන් පේ කිරීම....



සාමාන්‍ය යෙන් හමාර කීම කියල කියන්නේ වැඩක් සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ අන්තිමට කරන දේශනයට. ඒ විදියට ගත්තහම හමාර ලිවීම කියන්නේ වැඩක් අවසන් වුණාට පස්සේ ලියන අවසන් ලියවිල්ල. මේක එක පැත්තකින් මේක හමාර ලිවිල්ලක් වුණාට මේක මේ වැඩේ සම්පූර්ණයෙන්ම අවසන් කරන්න අපිට කිසිම උවමනාවක් නෑ. ඒ නිසයි ලිවුවෙ හමාර ලිවිල්ලෙන් පේ කරන්න අපි සූදානම් වග.

මීට මාසෙකට විතර කළින් සවිය කවයෙන් ආපු යෝජනාවක් අනුව ක්‍රයාත්මක වුණු අපි ඊයේ දිනයේදී අපි කල්පිටිය, දළුව ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයට යන්න උදේ පාන්දර පිටත්වුණේ පාසැල් පුස්තකාලයට පොත් ගොන්නකුත් අරගෙනයි. උදේ දහය වෙද්දි අපි විදයාලයට යනකොටත් විද්‍යාලයේ වාර්ෂික නත්තල් උත්සවයට සියලු කටයුතු සංවිධානය කරල තිබුණේ. ඒ අතර අපේ වැඩසටහනත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනව කියලයි විදුහල්පතිතුම අපිට දැනුම් දුන්නේ. 

Wednesday, November 16, 2016

***** නෙතට පොතක් *****

අලුත්ම අලුත් පොතක්, පිටුවෙන් පිටුව පෙරළද්දි එන නැවුම් සුවඳ කොයි තරම් නම් අපූරුද... ඒ අපූර්වත්වය ඔබ මා මෙන්ම අප දරුවන් කෙතෙක් අත්විඳ ඇත්ද...?
නමුත්... ඒ නැවුම්, සොඳුරු අත්දැකීම මෙතෙක් ජීවිතයේ කිසිම දවසක නොදැකපු, අත් නොවිඳපු දුවා දරුවන් කෙතෙක් නම් ඇත්ද...? 
ඔබේ ඒ අත්දැකීම, අපූර්වත්වය එවැනි වූ සොදුරු දුවා දරුවන් වෙනුවෙන් අත්විඳීමට සලස්වන්න ඔබත් සූදානම්ද...?
එසේ නම් මේ ඔබේ අවස්ථාවයි...

Thursday, September 22, 2016

ජයවද්දනපුර ලිවිසැරි කරළිය - 2016


සාහිත්‍ය මාසයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සාහිත්‍ය උළෙල මෙවරත් අද (22) දින ඉතා උත්කර්ශවත් අයුරින් රාජගිරිය හේවාවිතාරණ විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂයෙන් හා මෙහෙයවීමෙන්, සංස්කෘතික අමාත්‍යංශයේ සහයෝගයෙන් වාර්ෂිකව මෙම සාහිත්‍ය උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මූලික කර ගනිමින් පැවැත්වනු ලබන්නේ “ජයවද්දනපුර ලිවිසැරි කරළිය“ යනුවෙන් නම් කරමිනි.

ඵලදායිතා තරගයේ රාජ්‍ය අංශයේ දෙවන ස්ථානය කෝට්ටේ ප්‍රා.ලේ. දිනා ගනී


ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජාතික ඵලදායිතා සම්මාන තරගයෙන් 2015 වර්ෂයේ රාජ්‍ය අංශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් සමස්ත දිවයිනෙන්ම දෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  හැකිවිය.


2014 වර්ෂයේ ජාතික ඵලදායිතා තරගයෙන් දිවයිනෙන්ම තුන්වන ස්ථානය ලබා ගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙවර දෙවන ස්ථානය ලබා ගැනීමට හැකිවීම අතිමහත් ජයග්‍රහණයකි.

Wednesday, August 24, 2016

කේ. ජයතිලකයන්ගේ සාහිත්‍ය ප්‍රදර්ශනයක් අගෝ. 24 - 25 දෙදින

ලාංකේය සාහිත්‍ය කලාවේ සදා නොමියෙන නිර්මාණකරුවෙකු ලෙස සාහිතකාමී ජන හදවත් තුළ ලැගුම් ගත් අප අතරින් වියෝ වූ කේ. ජයතිලක ශූරීන්ගේ සාහිත්‍ය කෘති හා තවත් විද්වත් ලේඛකයන්ගේ දුර්ලභ කෘති ඇතුළත් ප්‍රදර්ශනයක් හා අළෙවි සල්පිලක් 2016 අගෝස්තු 24 හා 25 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  පැවැත්වේ.

Translate