Wednesday, May 24, 2017

වාර්ෂික සීල සමාදාන වැඩසටහන - 2017

2017 මැයි මස 19 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වාර්ෂික සීල සමාදාන වැඩසටහන ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උතුම් පිංකම් මාලාව සඳහා  ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයන ලද්දේ කාර්යාලයීය ග්‍රාම නිලධාරී සංසදය විසිනි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ඌරුගමුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ විසින් පිරිස අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවා උදෑසන බුද්ධ වන්දනාව සිදු කළ අතර, උදෑසන ධර්ම දේශනාව පවත්වන ලද්දේ ගංගොඩවිල සුභද්‍රාරාම මූලික පිරිවෙන් විහාරස්ථානයේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කෑගල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. අනතුරුව භාවනා වැඩසටහනක් පැවැත්වුණු අතර, එය මෙහෙයවන ලද්දේ පූජ්‍ය නුගේගොඩ පුණ්ණ ස්වාමීන් වහන්සේ විසිනි.

Monday, April 3, 2017

“නුඹට පුළුවන්“ ශ්‍රී ජ‘පුර කෝට්ටේ කාන්තා දිනය සමරමින්


ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තා දිනය පසුගිය 2017 මාර්තු මස 30 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී දිස්නා ප්‍රියංගිකා මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම උත්කර්ශවත් උළෙල ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා ළමා හා කාන්තා කාර්යාංශයේ මැදිහත්වීමෙන් පැවැත්විණි.

මේ සඳහා කොට්ඨාශයේ කාන්තා සමිතිවල ක්‍රියාකාරී සාමාජිකාවන් බොහෝ පිරිසක් සම්බන්ධ වූ අතර, විවිධ ප්‍රාසාංගික වැඩසටහන් සමඟින් පැවැත්වුණු මෙම කාන්තා දින උළෙල ප්‍රාදේශීය කාන්තාවන් සවිබලගැන්වීම මූලික අරමුණු කොට පැවැත්විණි.

Wednesday, February 1, 2017

ජාතික ඵලදායිතා තරගයෙන් දෙවෙනි තැන ලැබු වගයි...



2015 ජතික ඵලදායිතා තරඟයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙවන ස්ථානය ලැබූ අතර, මේ දැක්වෙන්නේ එහි ජාතික උත්සවයේ අවස්ථා කිහිපයකි.







හමාර ලිවිල්ලෙන් පේ කිරීම....



සාමාන්‍ය යෙන් හමාර කීම කියල කියන්නේ වැඩක් සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ අන්තිමට කරන දේශනයට. ඒ විදියට ගත්තහම හමාර ලිවීම කියන්නේ වැඩක් අවසන් වුණාට පස්සේ ලියන අවසන් ලියවිල්ල. මේක එක පැත්තකින් මේක හමාර ලිවිල්ලක් වුණාට මේක මේ වැඩේ සම්පූර්ණයෙන්ම අවසන් කරන්න අපිට කිසිම උවමනාවක් නෑ. ඒ නිසයි ලිවුවෙ හමාර ලිවිල්ලෙන් පේ කරන්න අපි සූදානම් වග.

මීට මාසෙකට විතර කළින් සවිය කවයෙන් ආපු යෝජනාවක් අනුව ක්‍රයාත්මක වුණු අපි ඊයේ දිනයේදී අපි කල්පිටිය, දළුව ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයට යන්න උදේ පාන්දර පිටත්වුණේ පාසැල් පුස්තකාලයට පොත් ගොන්නකුත් අරගෙනයි. උදේ දහය වෙද්දි අපි විදයාලයට යනකොටත් විද්‍යාලයේ වාර්ෂික නත්තල් උත්සවයට සියලු කටයුතු සංවිධානය කරල තිබුණේ. ඒ අතර අපේ වැඩසටහනත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනව කියලයි විදුහල්පතිතුම අපිට දැනුම් දුන්නේ. 

Translate