Wednesday, May 24, 2017

වාර්ෂික සීල සමාදාන වැඩසටහන - 2017

2017 මැයි මස 19 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වාර්ෂික සීල සමාදාන වැඩසටහන ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උතුම් පිංකම් මාලාව සඳහා  ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයන ලද්දේ කාර්යාලයීය ග්‍රාම නිලධාරී සංසදය විසිනි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ඌරුගමුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ විසින් පිරිස අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවා උදෑසන බුද්ධ වන්දනාව සිදු කළ අතර, උදෑසන ධර්ම දේශනාව පවත්වන ලද්දේ ගංගොඩවිල සුභද්‍රාරාම මූලික පිරිවෙන් විහාරස්ථානයේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කෑගල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. අනතුරුව භාවනා වැඩසටහනක් පැවැත්වුණු අතර, එය මෙහෙයවන ලද්දේ පූජ්‍ය නුගේගොඩ පුණ්ණ ස්වාමීන් වහන්සේ විසිනි.

Translate