Wednesday, May 24, 2017

වාර්ෂික සීල සමාදාන වැඩසටහන - 2017

2017 මැයි මස 19 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වාර්ෂික සීල සමාදාන වැඩසටහන ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උතුම් පිංකම් මාලාව සඳහා  ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයන ලද්දේ කාර්යාලයීය ග්‍රාම නිලධාරී සංසදය විසිනි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ඌරුගමුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ විසින් පිරිස අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවා උදෑසන බුද්ධ වන්දනාව සිදු කළ අතර, උදෑසන ධර්ම දේශනාව පවත්වන ලද්දේ ගංගොඩවිල සුභද්‍රාරාම මූලික පිරිවෙන් විහාරස්ථානයේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කෑගල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. අනතුරුව භාවනා වැඩසටහනක් පැවැත්වුණු අතර, එය මෙහෙයවන ලද්දේ පූජ්‍ය නුගේගොඩ පුණ්ණ ස්වාමීන් වහන්සේ විසිනි.


දහවල් දානයෙන් අනතුරුව ජාතක ධර්ම දේශනාව පවත්වන ලද්දේ  රාජගිරිය සුධර්මාරාමවාසී, පූජ්‍ය ඉසුරුගම ධම්මතිලක ස්වාමීන් වහන්සේ විසිනි. සවස ධර්මදේශනාව සුභද්‍රාරාම පිරිවෙනේ ආචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ කථිකාචාර්ය පූජ්‍ය දියගම නාරද ස්වාමීන් වහන්සේ විසිනි.

අනතුරුව සවස විශේෂ ධර්ම සාකච්ඡාවක් රාජගිරිය ඥාණාවාස ත්‍රිපිටක විද්‍යායතනයේ ජුජ්‍ය පනාපිටියේ ධම්මධජ ස්වාමින් වහන්සේ විසින් සිදු කෙරිණි. අනතුරුව බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ඌරුගමුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ විසින් සවස බුද්ධ වන්දනාව සිදු කිරීමෙන් අනතුරුව සිල් පවාරණය හා පුණ්‍යානුමෝදනාව සිදු කිරිමෙන් කටයුතු අවසන් විය.


ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය මැතිතුමා ඇතුළු කාර්යාලයීය නිලධාරීන් බොහෝ පිරිසක් මෙදින සීල සමාදානයේ නියැලිනි.  ග්‍රාම නිලධාරී සංසදය මගින් මුලික ප්‍රත්‍ය පහසුකම් සැපයූ අතර, කාර්යාලයීය සෙසු නිලධාරීන්ගේ ඇප උපස්ථාන හා සත්කාර මෙම පුණ්‍ය කර්මය සඳහා නොමදව ලැබිණි.





No comments:

Post a Comment

Translate