Monday, April 3, 2017

“නුඹට පුළුවන්“ ශ්‍රී ජ‘පුර කෝට්ටේ කාන්තා දිනය සමරමින්


ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තා දිනය පසුගිය 2017 මාර්තු මස 30 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී දිස්නා ප්‍රියංගිකා මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම උත්කර්ශවත් උළෙල ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා ළමා හා කාන්තා කාර්යාංශයේ මැදිහත්වීමෙන් පැවැත්විණි.

මේ සඳහා කොට්ඨාශයේ කාන්තා සමිතිවල ක්‍රියාකාරී සාමාජිකාවන් බොහෝ පිරිසක් සම්බන්ධ වූ අතර, විවිධ ප්‍රාසාංගික වැඩසටහන් සමඟින් පැවැත්වුණු මෙම කාන්තා දින උළෙල ප්‍රාදේශීය කාන්තාවන් සවිබලගැන්වීම මූලික අරමුණු කොට පැවැත්විණි.


"නුබට පුලුවන්"
බත් උයන්න හොදි හදන්න විතරක් නෙමේ
කවි ලියන්න ගී කියන්න නුබට පුලුවන්
ලොව දකින්න අලුත් දේ හිතන්න නුබට පුලුවන්....
මැහුම් ගෙතුම්වලින් හැඩකල 
නුබගෙ සියුම් නිර්මිත අගයන්න අපිට පුලුවන්....
නුබේ සිනා නුබේ කදුලුවලට මහ වටිනාකමක් තියෙන නිසා 

නුබ වෙනුවෙන් කැප වෙන්න අපිට පුවන්....
වෙහෙස නොදැනේවි.....
වෙලාව මදි වේවි...
එත් හිතනම් පිරේවි...
උතුරා යන ආදරනීයබව මානව දයාව 

මිනිසුන් ගොඩක්කල් ජීවත් කරවාවි.....

















No comments:

Post a Comment

Translate