Wednesday, February 1, 2017

හමාර ලිවිල්ලෙන් පේ කිරීම....



සාමාන්‍ය යෙන් හමාර කීම කියල කියන්නේ වැඩක් සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ අන්තිමට කරන දේශනයට. ඒ විදියට ගත්තහම හමාර ලිවීම කියන්නේ වැඩක් අවසන් වුණාට පස්සේ ලියන අවසන් ලියවිල්ල. මේක එක පැත්තකින් මේක හමාර ලිවිල්ලක් වුණාට මේක මේ වැඩේ සම්පූර්ණයෙන්ම අවසන් කරන්න අපිට කිසිම උවමනාවක් නෑ. ඒ නිසයි ලිවුවෙ හමාර ලිවිල්ලෙන් පේ කරන්න අපි සූදානම් වග.

මීට මාසෙකට විතර කළින් සවිය කවයෙන් ආපු යෝජනාවක් අනුව ක්‍රයාත්මක වුණු අපි ඊයේ දිනයේදී අපි කල්පිටිය, දළුව ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයට යන්න උදේ පාන්දර පිටත්වුණේ පාසැල් පුස්තකාලයට පොත් ගොන්නකුත් අරගෙනයි. උදේ දහය වෙද්දි අපි විදයාලයට යනකොටත් විද්‍යාලයේ වාර්ෂික නත්තල් උත්සවයට සියලු කටයුතු සංවිධානය කරල තිබුණේ. ඒ අතර අපේ වැඩසටහනත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනව කියලයි විදුහල්පතිතුම අපිට දැනුම් දුන්නේ. 

කොහොමින් කොහොම හරි නත්තල් උත්සවය පටන් ගත්තා. පැමිණි පිරිස අතරින් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු අපිවත් පිළි අරගෙන පුංචි දරුවන්ගේ නැටුම් ගැයුම් කිහිපයකින් පස්සේ අපිට කතාවක් ලැබුණා. අපි කතාකරල විස්තර කියල අපි ගෙනාපු පොත් ගොන්න භාර දෙනකොට තමයි විදුහලේ හැමෝටම අපේ වැඩේ බරපතලකම තේරුණේ.

මොකද මීට කලින් විදුහල්පතිතුමා අපිට පොත් නාමාවලියක් එවල තිබුණා. ඒකෙ ඕනෙම නම් පොත් 100ක් තියෙන්න ඇති. හැබැයි අපි ගෙනිච්ච පොත් ගොන්න දැකපු ගමන් ඒ අයට ආපු සතුට වචනයෙන් කියන්න බැරි තරම්. ඔවුන් කවදාවත් හිතල නැහැ අපි ඒ තරම් පොත් ගොන්නක් අරන් එයි කියල. අපිත් ඒක පුද්ගලිකව කතා කරපු නියෝජ්‍ය විදුහල්පතිතුමිය කිවුවේ මේ තරම් ලොකු වැඩක් කියල ඒ අය කිසිම වෙලාවක මේ ගැන හිතුවෙ නෑ කියලයි.





මේ විදුහලේ දරුවන් දැක්කහම අපි කරන්න හදන මේ වැඩේ කොයි තරම් වැදගත් ද කියල අපි හැමෝටම හොඳටම තේරුම් ගියා. දරුවන්ගෙන් බාගෙට බාගයකගෙ දෙපා වැහිල තිබුණෙ සෙරෙප්පුවලින්. (මේ දේවල් කියන්නේ ඒ දරුවන්ට අනුකම්පා කරවන්න නෙමෙයි. මොකද ඒ දරුවන්ට අවශ්‍ය වෙන්නේ කාගෙවත් අනුකම්පාව නෙමෙයි. සහයෝගය හා ශක්තිය විතරක් වෙන නිසා) පාසලේ සම්පත් තිබුණෙ හරිම ප්‍රාථමික විදියට. කොළඹ අවට පාසල්වල විදුහල්පතිවරුන්ගේ කාමරවල සීතල දැනිල තියෙන අපිට මේ විදුහලේ විදුහල්පතිතුමා ඉන්න කාමරේ උණුසුම හොඳින්ම දැනුනා. විදුහල්පතිතුමාට වෙනම කාමරයක්, නි. විදුහල්පතිතුමාට වෙනම කාමරයක්, ගුරු මණ්ඩලයට වෙනම කාමර මේ විදුහලේ තිබුණේ නෑ. හැමෝටම තිබුණෙ එකම කාමරයක් විතරයි. ඒකත් පන්ති කාමරයක් තරම් පුංචි ඉඩක්. ඒ පුංචි ඉඩේ හැමෝම බෙදා හදාගෙන කටයුතු කරගෙන හිටියා. අහම්බෙන් හරි අපි තෝරගෙන තිබුණෙ ඒ වගේ පාසලක්. (මේ පාසල තොරල දුන්න අපේ ප්‍රියන්ත සහෝදරයාට අනේකවාරයක් ස්තුතියි)

කොහොම හරි අපිට ලැබුණු අවස්ථාවේදි කතාව කරපු අපේ ප්‍රාදේශීය ලේකම්තුමා දරුවන්ට හා ගුරුවරුන්ට අභියෝගයක් දුන්න. ඒ තමයි අපි මේ ගෙනිච්ච පොත් පත් කියවන්න. කියවල දැනුම, කුසලතාවයන් වැඩි දියුණු කර ගන්න. ඒ අතර තමන්ගෙ හැකියාවන් මුල් කරගෙන නිර්මාණ ඉදිරිපත් කරන්න. අපිට ඉදිරිපත් කරන ඒ නිර්මාණවලින් හොදම නිර්මාණ තෝරාගෙන ඒ නිර්මාණ ඇතුළත් කරල පොතක් මුද්‍රණය කරනව කියල.

එක පැත්තකින් බලන කොට ප්‍රාදේශීය ලේකම්තුමා ඒ අභියෝගය දුන්නෙ දළුව පාසැලේ දරුවන්ට විතරක් නෙමෙයි. මේ වැඩේ කරපු අපිට. මොකද මේ විදියට වැඩේ සංවිධානය කරල, පොත් එකතු කරල, ඒ පොත් ටිකත් අරන් කල්පිටියට ගිහින්, ඒ දරුවන්ට පොත පරිත්‍යාග කළාට පස්සේ මේ වැඩේ හමාර ලියන්න පුළුවන් කමක් නෑ. ලේකම්තුමාගෙ අභියෝගයේ කොටසක් අපිටත් අයිතියි. ඒ නිසයි අපි කිවුවෙ හමාර ලියවිල්ලෙන් පේ කිරීම කියල.
මේ අපේ එක වැඩක් විතරයි, අපි පටන් ගත්තා විතරයි... 

මොකද අපේ බලාපොරොත්තුව හැම හමාර ලියවිල්ලකින්ම නැවත පේ කරන්නයි....






No comments:

Post a Comment

Translate