Wednesday, November 16, 2016

***** නෙතට පොතක් *****

අලුත්ම අලුත් පොතක්, පිටුවෙන් පිටුව පෙරළද්දි එන නැවුම් සුවඳ කොයි තරම් නම් අපූරුද... ඒ අපූර්වත්වය ඔබ මා මෙන්ම අප දරුවන් කෙතෙක් අත්විඳ ඇත්ද...?
නමුත්... ඒ නැවුම්, සොඳුරු අත්දැකීම මෙතෙක් ජීවිතයේ කිසිම දවසක නොදැකපු, අත් නොවිඳපු දුවා දරුවන් කෙතෙක් නම් ඇත්ද...? 
ඔබේ ඒ අත්දැකීම, අපූර්වත්වය එවැනි වූ සොදුරු දුවා දරුවන් වෙනුවෙන් අත්විඳීමට සලස්වන්න ඔබත් සූදානම්ද...?
එසේ නම් මේ ඔබේ අවස්ථාවයි...

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ “සවිය කවය“ මගින් මේ උතුම් සද්කාර්යය ක්‍රියාත්මක කරමින් පවතිනවා.
ඒ සඳහා අප මෙවර තෝරාගෙන තියෙන්නේ කල්පිටිය, දළුව ශාන්ත අන්තෝනි මහ විදුහල. මේ විදුහලේ පාසල් පුස්තකාලය සඳහා පොත් ලබාදීමට වගේම හැකි ආකාරයෙන් පාසැලේ දුවාදරුවන්ට අභ්‍යාස පොත් පරිත්‍යාග කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ.
මේ වසරේ නොවැම්බර් මස 29 වැනි දින අපි ඒ පොත් අරගෙන කල්පිටිය බලා පිටත් වෙනවා.
මේ සද්කාර්යයට අපි ඔබේ සහය අපේක්ෂා කරනවා.
ඔබටත් හැකි ආකාරයෙන් අප වෙත පොතක් පරිත්‍යාග කරන්න.
ඒ වෙනුවෙන් නොවැම්බර් මාසෙ 25 වෙනිදා වෙනකම් අපි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උදැසන 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ පොත් එකතු කිරීම සිදු කරනවා. ඒ වෙනුවෙන් ඔබට හැකි ආකාරයෙන් අලුත් පොත් අපිට ගෙනැවිත් භාර දෙන්න.
අලුත්ම අලුත් පොත් ගෙනත් දෙන්න අමාරුම නම් අලුත් මට්ටමේ පාවිච්චි කරපු පොතක් වුණත් කමක් නෑ
හැකියාවක් ඇති අය අපිත් එක්ක එකතුවන්න...! මේ ආයාචනය හෙට ලොව දකින දරුවන් වෙනුවෙන්....!
විමසන්න
සජිත් සාරංග - 0753777507 / 0772110689
ඉරේෂා - 0773483795
මුදිතා - 0718028101
චමරි - 0767472961
මතීෂ - 0773634150

No comments:

Post a Comment

Translate