සාහිත්‍ය මාසයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී
ජයවර්ධනපුර කෝට්ටේ සාහිත්‍ය උළෙල මෙවරත් අද (22) දින ඉතා උත්කර්ශවත් අයුරින්
රාජගිරිය හේවාවිතාරණ විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂයෙන් හා
මෙහෙයවීමෙන්, සංස්කෘතික අමාත්‍යංශයේ සහයෝගයෙන් වාර්ෂිකව මෙම සාහිත්‍ය උළෙල ශ්‍රී
ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මූලික කර ගනිමින් පැවැත්වනු ලබන්නේ
“ජයවද්දනපුර ලිවිසැරි කරළිය“ යනුවෙන් නම් කරමිනි.
මෙම සාහිත්‍ය උළෙලේදී සාහිත්‍ය, කලාව, මාධ්‍ය
ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සිය අති මහත් කැපවීමෙන් කටයුතු කළ විශිෂ්ඨයින් ඇගියීම
සිදු කරන අතර, මෙවර එහිදී ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක,
චිත්‍ර ශිල්පී ආනන්ද සෝමතිලක, සාහිත්‍යවේදී ප්‍රේමචන්ද්‍ර ද අල්විස්, නර්තන
ශිල්පිනී භද්‍රා කාන්ති ජයකොඩි හා පුවත්පත් කලාවේදී සෝමපාල විජේවර්ධන යන මහත්ම
මහත්මීන් ඇගයීමට ලක් කෙරිණි.
උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ සංස්කෘතික කටයුතු
දෙපාර්තමේන්තුවේ නර්තන උපදේශක රවිබන්දු විද්‍යාපති මහතා විසින් පැවැත්වුණු
අතර, මෙම දේශනය රාජ්‍ය නාට්‍ය කණ්ඩායමේ ප්‍රාසාංගික අංග ගණනාවක් මුසු කොට ගත්
අපූරු දේශනයක් විය.
මෙයට
අමතරව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් මෙහෙයවූ සාහිත්‍ය
තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමුණු
අතර, “දියවන්නා සොබා සිරි“ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ද කුසලාන හා සහතික පත්
පිරිනැමීම ද මෙහිදී සිදු විය.
No comments:
Post a Comment