Wednesday, August 24, 2016

කේ. ජයතිලකයන්ගේ සාහිත්‍ය ප්‍රදර්ශනයක් අගෝ. 24 - 25 දෙදින

ලාංකේය සාහිත්‍ය කලාවේ සදා නොමියෙන නිර්මාණකරුවෙකු ලෙස සාහිතකාමී ජන හදවත් තුළ ලැගුම් ගත් අප අතරින් වියෝ වූ කේ. ජයතිලක ශූරීන්ගේ සාහිත්‍ය කෘති හා තවත් විද්වත් ලේඛකයන්ගේ දුර්ලභ කෘති ඇතුළත් ප්‍රදර්ශනයක් හා අළෙවි සල්පිලක් 2016 අගෝස්තු 24 හා 25 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  පැවැත්වේ.


මෙහි සමාරම්භක අවස්ථාවේදීප්‍රදීපා ප්‍රකාශකයෝහි අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පුස්තකාලය සඳහා පොත් කට්ටලයක් ද පිරිනමන ලදී. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය මැතිතුමාගේ මූලිකත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.ජී.ජී. මිලින්ද මැතිතුමාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මෙම මහතු කාර්යය කාර්යාලයීය සංස්කෘතික නිලධාරීන් දෙදෙනාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන්නකි.  

සැමදාමත් සාහිත්‍ය කලාව වෙනුවෙන් අවධියෙන් සිටි අප කොට්ඨාශයටඅප කොට්ඨාශයෙහිම විසූ කීර්තිමත් සාහිත්‍යධරයෙකු, කලාකරුවෙකු විසින් ඉටු කරන ලද මෙහෙවර අගයනු වස් සාහිත්‍ය මාසය හිනිපෙත්තේදී සිදු කළ මෙම ක්‍රියාවලිය සාහිත්‍ය කලාවේ අනාගතය පිළිබඳව ද කිසියම් සුබවාදී පූර්වාරම්භයක් ලෙස විශ්වාස කරමු.


සමාරම්භක අවස්ථාව

සුමනා ජයතිලක මැතිණිය අදහස් දක්වමින්

“ප්‍රදීපා ප්‍රකාශකයෝ“ වෙතින් කාර්යාලයීය පුස්තකාලයට පොත් ප්‍රදානය කිරීම


No comments:

Post a Comment

Translate