Tuesday, August 16, 2016

ඵෙතිහාසික පසුබිම



දේශපාලනික වශයෙන් කෝට්ටේ නගරය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වුයේ 14 වන සියවසේදීය.එහි ආරම්භකයා වන නිශ්ශංක අලගක්කෝනාර හෙවත් අලකේශ්වර,කෝට්ටේ ආරක්ෂිත අගනුවර ලෙස තෝරා ගත්තේය.(1340 – 1380) එය තුන් පැත්තකින් ගංඟා දෙකකින් මායිම් වු වගුරු බිම් වලින් වටවු ග්‍රාමයක් විය.ජයවර්ධනපුර නමින් ඉදිකරන ලද ප්‍රදේශය කලින් හඳුන්වනු ලැබුවේ 'දරුගම' ලෙසය. දියවන්නා ඔය සහ කොලොන්නාව ඔය එක් ගංගාවක් ලෙස යාවී එක්වුයේ දරුගම දීය.දරුගම ස්වභාවික ලෙස ආරක්ෂා වු බැවින් සතුරන්ට ප්‍රවිෂ්ඨ වීමට බාධාවක් විය.

කෝට්ටේ බලකොටුව ආසන්න වශයෙන් වර්ග සැතපුමක භුමි භාගයකි. ආරක්ෂිත කොටු තාප්පය (කොටු පවුර) අඩි 8 ක් උස අඩි 35 පළලය.කොටු පවුර කබොක් ගල් වලින් ගොඩ නැගු ත්‍රිකෝණාකාර හැඩයෙන් වටවු නගරයකි. ගැඹුරු දිය මාර්ගයකින් කොටු පවුර දෙපැත්තකින් වටවී ඇති සේම, කෙළවරින් උස් බිම් යා කෙරෙන බල කොටුව දූපතක් ලෙස ගැඹුරු දිය අගල් දෙකකින් වෙන් විය. බල කොටුව වටා ඇති පිටස්තර භුමිය උල්, ගෝන අං ආදී මර උගුල් ආදියෙන් නගරය තව දුරටත් ආරක්ෂා කර තිබේ. කොටු පවුර හතරකොනේ උපුල්වන් ,සමන්, විභීෂණ සහ ස්කන්ධ දේවතාවුන් සඳහා දේවාල හතරක් විය.


කොටු පවුරු වලින් වටවු මෙම නගරය ශ්‍රී ජයවර්ධනපුර නමින් හඳුන්වනු ලැබුවේ 1391 වර්ෂයේදී, උතුරු පලාත සාර්ථකව යටත් කර ගැනීමෙන් පසුවය. කෙසේ නම්තු 6 වන පරාක්‍රමබාහු රජ සමයේදී රට එක්සේසත් කල අතර ,එම කාල පරිච්ඡේදය තුලදී  ,බුදු දහම, සිංහල සංස්කෘතිය ඉහළම කීර්තිය සහ තේජසට පත්ව රට ද සීඝ්‍ර ලෙස දියුණු විය.

පහත සදහන් දෑ රාජධානියේ ප්‍රධාන අංග ලක්ෂණ විය.

1.   රජ මාලිගාව නැගෙනහිර පැත්තේ පිහිටා තිබු අතර එය මල්වතු ,වතුර මල් ආදියෙන් අලංකාර කරන ලදී.
2.   බුදුරජාණන් වහන්සේ ගේ දන්ත ධාතුන් තැන්පත් කල මහල් තුනකින් යුත් පන්සල
3.   සංඝනායක වහන්සේ නමක් යටතේ බෞද්ධ භික්ෂුන් හැට නමක් සඳහා වු මහල් 5 කින් යුත් ආශ්‍රමයක්
4.  කොට වෙහෙර(කොටු පවුරෙන් හා ඇතුල් දිය අගලෙන් පිටස්තරව පිහිටි නගරය තුල වු එකම පන්සල)
5. උතුරට රජුගේ භාණ්ඩාගාරය
6. නගරයෙන් පිටස්තරව බැද්දගානේ පිහිටි රාජකීය භුමදාන භුමිය(වෙහෙර කන්ද ස්මාරකය)

රාජධානිය පෘතුග්‍රීසීන් විසින් අතහැර දැමීමෙන් අනතුරුව පළමුවන රාජසිංහ රජුගේ (1581-1592) පහරදීමෙන් එය බිද වැටිණි. ස්ථාන දෙකක් ආරක්ෂා කිරීම පෘතුග්‍රීසීන්ට කළ නොහැකි විය. එමනිසා පෘත්‍රග්‍රීසීන් කෝට්ටේ නගරය අතහැර දැමූ අතර, ඔවුන්ගේ අවධානය වූයේ කොළඹ නගරය පමණි. සීතාවක හමුදාවෝ ශ්‍රී ජයවර්ධනපුර නගරය බිමට සමතලා කළහ. නගරයේ තාප්ප හා මාළිගා විනාශ කොට ගිනි තබන ලදි. මේ සිද්ධියෙන් කෙටි කාලයකදී නටඹුන් වූ නගරය කැළැව විසින් වෙලා ගන්නා ලදි. පෘතුග්‍රීසීන් විසින් අත්හල රාජසිංහ රජතුමා විසින් විනාශ කළ, මෙම නගරය සිංහලයින් කිසිවිටකත් අත්හැර නොයන ලදි. පෘතුග්‍රීසීන්, ලන්දේසීන් හා බ්‍රිතාන්‍ය යුගයේ වැඩි කාලයක් දක්නට ඇති ලිඛිත ලියකියවිලි හා සිතියම් වල කෝට්ටේ රාජසිංහ රජු ගැන නොයෙක් විට සදහන් වේ.



කෝට්ටේ රාජධානියේ ඉතිරිව ඇති ස්මාරක

1.බලකොටු නගරය

බලකොටු නගරයක් ලෙස කෝට්ටේ නගරය තෝරා ගැනිම ශ්‍රී ලංකාවේ නගර සැලසුම් කිරීම අතින් වැදගත් පියවරක් විය. කෝට්ටේ නගරය වටා දිය අගලක් හා කොටු තාපපයක් අලකේෂ්වර රජතුමා විසින් ඉඳිකරන ලදි. කොටු තාප්පයේ නෂ්ටාවශේෂ තවමත් දක්නට ඇත. බටහිර කොටස පුනරුත්තාපනය කෙරෙමින් පවතී.නැගෙනහිර පෙදෙස නාගරීකරණයත් සමඟ විනාශ වෙමින් පවතී. ක්ෂණික පියවරක් නොගතහොත් පවුරේ නැගෙනහිර කොටස අදෘෂ්‍යමාන විය හැකිය.



2 . දියවන්නා ඔය සහ තෙත් බිම්

පුරාවෘත්ත අනුව දියවන්නා ඔය රාවණා රජු සමයේ පවා පැවතී ඇත.දියවන්නා ඔය හා අවට තෙත් බිම් ‍‍ඓතිහාසික වශයෙන් වටිනා භුමි ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම  නගරයේ ඇති තෙත් බිම් හා දියවන්නා ඔය පිළිබඳ ඓතිහාසික කාව්‍ය මඟින විවරණය වී තිබේ. බලකොටුවෙන් පිට නගරය ජලයෙන් ආරක්ෂාවී ඇත.  බටහිර හා නැගෙනහිර දිය වන්නා ඔයෙන්ද දකුණට හා නැගෙනහිර ජල මාර්ග වලට යාව දකුණට වු දිය අගලෙන් වටවී ඇත. අවට ජලාශ වල කිඹුලන් ගැවසී ඇති  බවට සාක්ෂි ඇත. වර්තමාන පාර්ලිමේන්තුව පවතින ප්‍රදේශය දුපතක් වු අතර එය වටා තෙත් බිම් යායක් පැවතී ඇත. වැව ඉඳි කරන ලද්දේ තෙත් බිම් හාරා නව පාර්ලිමේන්තුව ඉඳිකරන අවධියේය. එකල දියවන්නා ඔයට ප්‍රවේශ වන ඓතිහාසික 'කොන්තගන්තොට' පිහිටියේ දියවන්නා ඔය ශ්‍රී ජයවර්ධනපුර මාවත හරහා ගලා බස්නා පාලම ආසන්නයේය.
      

3.රජ මාළිගාව
රජ මාලිගාවේ නටඹුන් පිළිබඳ තොරතුරු අල්පය එය මහල් 5 ගොඩනැඟිල්ලක් විය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මෙම ඓතිහාසික ස්ථානය ගවේෂණය කිරීමේ වගකීම දරයි.
        
4.අම්බලම (විවේක ගැනීමේ ස්ථානය)
පුරාණ නගරයට ප්‍රවේශ වීමට පැමිණි සාමාන්‍ය වැසියන් හෝ ආගන්තුකයන්ට නැවතී සිටීමට මෙම ‍‍ගොඩනැගිල්ල යොදා ගන්නා ලදී. වර්ග මීටර 25 කින් සමන්විත වන එය ප්‍රකෘති ගල් කණු සහිතව තවමත් ශේෂව පවති. මෙම ස්ථානය නගරය මධ්‍යයේ පිහිටි අතර කොට්ටේ නාගරීකර්ණය වීම නිසා වෙනස්වීම් වලට භාජනය විය හැකිය. එම නිසා එය සංරක්ෂණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම වේ.
         
5.අලකේෂ්වර සොහොන

කොට්ටේ රාජධානිය ගොඩනැගු අල‍කේෂ්වර රජුගේ සොහොන නටඹුන් අතර පවති. එය නගරයේ ක්‍රියාකාරීත්වයට වටිනාකමක් ගෙන නුදුන්නද කෝට්ටේ නගරයට අනන්‍යතාවය ගෙන දෙන ස්මාරකයකි‍.

6.වෙහෙර කන්ද සොහොන් බිම

දැනට අවුරුදු දශක 5 කට පෙර බැද්දගාන ප්‍රදේශයේ  සොයා ගන්නා ලද සොහොන් අතර VI වන පරාක්‍රමබාහු  රජතුමාගේ සොහොන සහ බිසවුන් වන  මාණික්‍ය බිසවගේ ඇතැයි සමහරුන්ගේ මතයයි.වෙහෙර කන්ද අක්කර 2.5 කින් යුත් ප්‍රදේශයක් වන අතර වෙහෙරක ස්වරූපයක් ගනී.



7.         කෝට්ටේ රාජධානියට අයත් කොඩිය

මෙම කොඩිය ජාතික කොඩියට බෙහෙවින් සමාන වන අතර විශේෂත්වය වන්නේ කඩුව අතින් ගත් සිංහයෙකු වෙනුවට දකුණු අතින් කසයක් ගත් සිංහයයකුගේ රූපයක් තිබීමයි.පෙරහැරවල් වල අදිකාරම්වරුන් ඉදිරියේ කස පිපිරවීම සිරිතක් කොට පැවතීම මෙයටහේතුවක් ලෙස සැලකිය හැකිය.කෝට්ටේ පැරණි රජ මාළිගාවේ නටඹුන් අතර තිබී සොයාගත් කොඩිය වර්තමානයේ කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. කොළඹ දිස්ත්‍රික් කොඩිය ලෙසද තෝරා ගෙන ඇත්තේ පහතරට අවසාන සිංහල රාජධානිය වු කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජධානියට අයත් ව තිබු කොඩියයි.


8.         පැරණි උමංදොරටුව

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලිය භුමියේ මෙම උමං දොරටු දක්නට ඇත. පිහිටි පොළවේ අඩි 5 ක් පමණ කැණිමෙන් අනතුරුව මධ්‍යයේ ඉතිරි කර ගත් පස් කන්ඩිය හාරා දොරවල් දෙකක් මින් ඇතුලට ප්‍රවේශ වීමට සාදා ඇත.ප්‍රධාන දොරටුවේ මුදුනෙහි සිංහල රජුගේ කිරුළ කොටා තිබිණි. මෙහි මාධ්‍යයට ඇතුළු වු පසු දොරවල් හතරකින් පහතට බැසීමට තබා ඇති අතර මින් දොරටු 03 ක් ව්‍යාජ දොරටු ලෙසින් තබා තිබුනේ ආරක්ෂාවට බව සහන්වේ.

පෘතුගීසින් හා කල සටනේදී අත් අඩංගුවට පත්ව කොළඹ කොටුවේ සිර කර තැබු වීදිය බණ්ඩාර කුමරු බේරා ගැනීම සහා ඔහුගේ  බිරි වු සමුද්‍රදේවි කුමරිය විසින් මතුරට ප්‍රදේශයන්  රැගෙන ආ  ශිල්පින් ලවා මෙම උමතැනවු බව සහන් වේ.


9.         කෝට්ටේ රජ මහා විහාරය

15 වන සියවසේදී ශ්‍රී ජයවර්ධනපුර රාජධානියක් ඇති කොට ත්‍රී සිංහලයෙහිම එහි සිට පාලනය කල 6 වන පැරකුම්බා රජු විසින් කෝට්ටේ රජ මහා විහාරස්ථානය තනවන ලදි.පෘතුගීසි ආක්‍රමණයයෙන් මෙම විහාරස්ථානය විනාශ වී යාමෙන් පසු 1813 දී ගරු පිලානේ නායක ස්වාමීන්  වහන්සේ විසින් මෙම රජමහ විහාරස්ථානයේ නටඹුන් සොයා ගෙන ඇත. ඉන් අනතුරුව විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇති අතර ක්‍රමයෙන් දියුණු වී වර්තමාන ලංකාවේ ප්‍රධාන විහාරස්ථානයක් බවට පත්ව ඇත. 1901 දී මෙහි වැඩසිටි දළදා සමිදුන්ට  පූජෝපහාර පිණිස කෝට්ටේ ශ්‍රීදළා පෙරහැර නැවත ආරම්භ කර මේ දක්වා වාර්ෂිකව ඉතා උත්සවාකාරයෙන් පවත්වාගෙන යනු ලැබේ. මෙම පූජා භූමියේ දක්නට ලැබෙන ඉපැරණි නා බෝධීන් වහන්සේ ඓතිහාසික වශයෙන් සුවිශේෂි ස්ථානයක් ගනී.  

10.       කෝට්ටේ පුරා විද්‍යා කෞතුකාගාරය

නුගේගොඩ කොටහේන ගමන් මාර්ගයේ (මාර්ග අංක 168) කොටුබැම්ම පාරේ සිට නුගේගොඩ දෙසට මීර් 50 ක පමණ දුරින් මෙම ස්ථානය පිහිටා ඇත. මෙහි රාජධානියට අයත්ව තිබූ පෞරාණික භාණ්ඩ, මෙවලම්, පරිහරණයට ගත් ඇදුම් හා භාවිතා කල මුදල් මහජන ප්‍රදර්ශනය සදහා තබා ඇත. මෙම කෞතුකාගාරයට සදහා භාවිතා කරන ගොඩනැගිල්ල ඉතා පැරණි එකක් වන අතර, එය ලංකාවේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කල ඊංඩබ්.පෙරේරා මහතා ජීවත් වූ නිවස බවද සදහන් වේ.




 µæ$ß>µ> ùèص×ß <Ìøùµ×ß µäõÚ{$&Úæ µõ$ØõÝØ` :-

            කෝට්ටේ නගරය පිළිබද සවිස්තරාත්මක තොරතුරු ඕලන්ද යුගයේ මුල් අවධියේ සාධක වුවද ඉතාම විරලය. එසේ වුවද 1814 සිට 1826 දක්වාද 1871 සිට 1931 දශකය දක්වාද එතැන් සිට 1981 දක්වාද සංඛ්‍යා ලේඛන වලින් කෝට්ටේ නගරය දිස්ත්‍රික්කයේ අනෙකුත් පළාත් පාලන හා සසදන විට තරමක් සතුටුදායක ජනගහනයක් පැවතී ඇත.

       පළාත් පාලන පරිපාලනය පිහිටුවීමෙන් පසු 1892 දක්වා කෝට්ටේ නගරය සල් පිටි කෝරල මුදලි යටතේද, ඉන් අනතුරුව 1816 දක්වා කොළඹ දිස්ත්‍රික් මුදලි යටතේද පාලනය විය.

       1982 කුඩා නගර සනීපාරක්ෂක ආඥා පනත යටතේ වූ අතර, නගර සීමාවන් 1916 පෙබරවාරි 4 වන දින ලංකා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ විය. මේ තත්වය 1933 දක්වා පැවතිනි. ඉන්පසු 1920 අංක 11 දරණ පනතින් එම නගරය නාගරික දිස්ත්‍රික් සභාවක්ද 1939 අංක 61 දරණ ආඥා පනත යටතේ 1940 වර්ෂයේ නගර සභාවක් වශයෙන් ද 1997 ජනවාරි 01 දින සිට අංක 941/9 දරණ ගැසට් නිවේදනය මගින් මහ නගර සභාවක් බවට පත් විය.
.
1985 පෙබරවාරි 06 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජන රජයේ අති විශේෂ ගැසට් නිවේදනය මගින් 1985 ජනවාරි 29 වන දින ශ්‍රීජයවර්ධනපුර කෝට්ටේ මායිම් ශ්‍රී ලංකාවේ නව අගනුවර වශයෙන් ප්‍රකාශයට පත් විය. ඒ අනුව කෝට්ටේ නගරය අගනුවරක කොටසක් වශයෙන් කීර්තිමත් අවධියකට නැවතත් අවතීර්ණ විය.‍

කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට අදාලව හදුන්වන ලද "නුගේගොඩ ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාශය 2000.07.01 දින ිට ක්‍රියාත්මක වන පරිදි 2000.06.21 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නමින් හදුන්වන ලදි.


කොට්ඨාශයේ භූ විෂමතාවය

            මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය භූ විද්‍යාත්මකව සලකා බැලීමේදී පාෂාණ ව්‍යාප්තිය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
  1. හෝන්‍බ්ලෙන්ඩ්
  2. වානොකයිට්
ප්‍රදේශයේ වර්ග ප්‍රමමාණණයෙන් 95.8% ක ප්‍රතිශතයක් පුරා හෝන්‍බ්ලෙන්ඩ් පාෂාණය ව්‍යාප්තව පවති. ප්‍රාග් කේම්බ්‍රිය පාෂාණයක් වන මෙය විජයාන ශ්‍රේණියට අයත් උස් බිම් වර්ගයට අයත් පාෂාණයකි. මනා ජල වහනයක් පවතින පාංශු කාණ්ඩයක් නිර්මාණය වීමට පදනම් වී ඇති මෙම පාෂාණ වර්ගය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ වල භෝග වර්ග සදහා වඩා හො යෝග්‍යතාවයක් පවතී. එසේ වුවත් ප්‍රදේශයේ නාගරික හා අධි නාගරික භූමි පරිහරණ රටාවක් පවතින නිසා මෙම කොටස් වල බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ඉදිකිරීම් කටයුතුය.  

ප්‍රදේශයේ වානොකයිට් වර්ගය ව්‍යාප්තව ඇත්තේ ඉතාමත් අඩු ප්‍රදේශයක් තුලය. එනම් ප්‍රදේශයේ වර්ග ප්‍රමාණටයන් 4.2% කි. මෙම පාෂාන වර්ගය පොදු ව්‍යවහාරයේ කළු ගල් වශයෙන් හදුන්වනු ලැබේ. මව් පාෂාණය වන මෙම පාෂාණය උස්බිම් ශ්‍රෙණියට අයත්ය. පහසුවෙන් හදුනා ගත හැකි ලක්ෂණයක් ලෙස පාෂාණය මත වයිරම් සහිත කළු පාටක් ඇත.

පාෂාණ ව්‍යාප්තිය
ප්‍රදේශයේ පස ප්‍රධාන කොටස් 2 කට බෙදා දැක්විය හැකිය. එනම්
  1. රතු කහ පොඩිසොලික් පස - මෘදු හෝ තද ලැටරයිට් (මද රැලි සහිත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති පස)
  2. වගුරු හෝ අර්ධ වගුරු පස( තැනිතලා බිම තුල ව්‍යාප්තව ඇති පස)

මෙම පාංශු වර්ග අතුරින් පළමු වර්ගය සදහා ප්‍රදේශයේ වර්ග ප්‍රමාණයෙන් හෙක්ටයාර් 571 ක් පමණ එනම් 3.75% ප්‍රතිශතයක් අයත් වේ. මෙය පොඩිසොලික් වර්ගයේ උප කාණ්ඩයක් ලෙස දැක්විය හැකිය. පසෙහි ගැඹුර අනුව මෙම වර්ගය සතුටුදායක තත්වයක පවතී.

රතු කහ පොසොලික් පස ප්‍රාදේශීය ව්‍යවහාරය අනුව කබොක් පස ලෙස හදුන්වයි. මෙම වර්ගය ඛාදනයට තරමක් ඔරොත්තු දෙන පසක් බැවින් හා මෙම ප්‍රදේශයේ භූ රූපනය මද රැලි සහිත බැවින්ද ප්‍රදේශයේ ස්වභාවික හේතූන් මත සිදුවන පාංශු ඛාදනය අඩු බවක් පෙන්වයි.

‍වගුරු හෝ අර්ධ වගුරු පස හෙක්ටයාර් 950 ක ප්‍රමාණයක එනම් 62.5% ව්‍යාප්තව පවතී. මෙම පාංශු වර්ගයේ මූලික ලක්ෂණය නම් දුර්වල ජල වහනයක පැවතීමය. ප්‍රදේශයේ අඩු උෂ්ණත්වය මේ සදහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මේ නිසා මෙම කලාපය වගුරු ස්වරූපයක් ගනී.
       



භූ රූප හා ජලවහනය -
            මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමස්ථයක් වශයෙන් ගත් විට භූ රූපමය වශයෙන් පහත් තැනිතලා ප්‍රදේශයකි. ප්‍රදේශයේ උපරිම උස මීටර් 20 ක් පමණ වන අතර, වැඩි භූමී ප්‍රතිශතයක් අයත් වන්නේ මීටර් 10 ට අඩු උසක් සහිත ප්‍රදේශයටයි. එබැවින් මෙම කොට්ඨාසයේ කැපී පෙනෙන භූ විෂමතා දක්නට නැත.

ජලවහන අනුව බලන විට ප්‍රදේශය පුරා ව්‍යාප්තව තිබෙන ජල වහන රටාවක් දැකිය හැකිය. ප්‍රදේශයේ ඊසාන දෙසින් පටන් ගෙන නිරිත දිශාවට ගලා බසිනා කොලොන්නාව ඇළ මගින් ප්‍රදේශයේ ජලවහන රටාව සමන්විත වී ඇත.‍

උස මීටර් 10 ට වඩා අඩුවෙන් ප්‍රදේශයේ වැඩි භූමි ප්‍රමාණයක් පවතින බැවින් හා ප්‍රාදේශීය කොට්ඨාශ‍ය වටා ඇල මාර්ග වැඩි වශයෙන් පැවතීමත් හේතුවෙන් මෙහි බිම් ආශ්‍රයෙන් ජලය බැස නොයෑමේ තර්ජනයක් පවතින බව පෙනේ.



පාරිසරික තත්වය

      ශ්‍රී ජයවර්ධනපුර නගරය ඉතා සුන්දර තෙත් බිම් රාශියකින් සැදුම්ලත්  ප්‍රදේශයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමාන භූමි භාවිතයට අනුව හෙක්ටයාර් 230 ක භූමි ප්‍රමාණයක් තෙත් බිම් ලෙස ඉතිරිව ඇත. මෙම වගුරු බිමෙහි මායිම් කෝට්ටේ ඇළ (දියවන්නා ඔය) දෙපස නැගෙනහිර නාවල (වැලිකඩ නුගේගොඩ) පාර ජයවර්ධනපුර මාවත දකුණ, ඇතුල්කෝට්ටේ බස්නාහිර කොටස හා හීන් ඇලෙහි යම් යම් කොටස් දක්වා විහිදේ.

පාර්ලිමේන්තු සංකීර්ණය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර වෙත ගෙන ඒමට තීරණය කිරීමත් සමග මෙම ප්‍රදේශයේ වගුරු බ්ම් ප්‍රමාණයේ පැහැදිළි වෙනසක් සිදුවිය. පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමේදී එහි දැනට පවතින භූමිය ගොඩකර සංවර්ධනය කරන ලද අතර, ඒ අවට ප්‍රදේශය ජලාශයක් ලෙස නිර්මාණය කරන ලදි. මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයවටා වූ ජලාශයට මායිම්ව වැටී ඇති වන ආවරණය සහිත වගුරු භූමිය, අතිරික්ත වැසි ජලය රදා තබා ගැනීමට සමත්ව ඇත.

වගුරු බිම් කැලිකසල ගොඩ ගැසීමට භාවිතා කිරීම නාගරික ජනතාව විසින් සිදු කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස දිගු කලක සිට මෙම බිම් ගොඩකර නිවාස සෑදීමේ කාර්යය සදහා සහ ඉවතලන කුණු අපද්‍රව්‍ය රැස්කිරීමේ භූම් ලෙස යොදා ගැනුනි. මේ හේතුවෙන් වර්තමානයේ වගුරු බිම් වුකලි පරිසර පද්ධති අතරින් වඩාත් තර්ජනයට ලක් වූ පරිසර පද්ධති ගණයට වැටේ.

මූලික වශයෙන් ගත් කල තෙත්බිම් සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රධාන ප්‍රයෝජන 3 ක් හදුනා ගෙන ඇත. එනම්,
1.      තෙත් බිම් අධික වර්ෂා අවස්ථාවන්හි අතිරික්ත ජලය රදවා තබා ගන්නා තාවකාලික ජලාශ ලෙස ක්‍රියා කරයි. මෙමගින් ගංවතුරින් අවට ප්‍රදේශයට සිදුවිය හැකි තර්ජනය මග හැරේ.
2.      කාර්යක්ෂමතාව අපවිත්‍ර ජලය ගලා බස්නා පද්ධතියක් නොමැති විටදී මෙම තෙත් බිම, ඒවා අවට ජීවත් වන ජනතාව බැහැර කරනු ලබන අපවිත්‍ර ජලය රදා ගැනීමේ කාර්යය ඉටු කරයි.
3.      වර්තමානයේ තෙත් භූමි පාලනයකින් තොරව ගොඩ කිරීම තර්ජනය වී ඇති අතර, දැනට මෙම ප්‍රදේශ විශාල වශයෙන් නිවාස සංකීර්ණ හා වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල සදහා යොදා ගෙන ඇත.

කාර්යක්ෂම කළමණාකරණයක් නොමැති බැවින් දැනට කෝට්ටේ නගරයේ ඇති තෙත් බිම් ප්‍රමාණ සීඝ්‍ර ලෙස අඩු වෙමින් පවති. නගරයේ ඇතැම් ස්ථාන දැනටමත් ගංවතුර තර්ජනයට ලක්ව තිබීම මෙහි අහිතකර ප්‍රතිඵලයක් වේ.


සත්ව සම්පත :-
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා ප්‍රදේශය ඉතා අධික ජෛව විවිධත්වයකින් යුතු ප්‍රදේශයක් ලෙස දැක්විය හැකිය. මෙම ප්‍රදේශය තුල සත්ව විශේෂ 115 ක් පමණ සිටින බව වාර්තා වී ඇති අතර, මින් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ලදු කැළෑ හා අත්හැර දමන ලද කුඹුරු වලය. ගොඩ කරන ලද භූම් ප්‍රදේශ වැසි කාලයන්හිදි තාවකාලික වගුරු බ්ම් ලෙස පවතින අතර, මෙම ස්ථාන විශේෂ කුරුළු වර්ග සදහා තාවකාලික නවාතැන් පලවල් සේ කටයුතු කරයි.

සත්ව වර්ගය                               විශේෂ ගණන               
සමනලුන්                                            12
මත්ස්‍යයින්                                          17
උභය ජීවින්                                         08
උරගයින්                                             07
පක්ෂීන්                                               64
ක්ෂීරපායි                                             07
මුළු එකතුව                                          115

 

ශාක සම්පත


     වගුරු බිම් ඉතා අනාදිමත් කාලයක සිට රොන්මඩ සහ කාබනික ද්‍රවය තැන්පත් වීම හේතුවෙන් පෝෂණයට පත් වූ ප්‍රදේශ ලෙස සැලකිය හැකිය. එවැනි බොහෝ අවස්ථාවන්හිදී තෙත් බිම් හා වියළි බිම් අතර අතරමැදි අවස්ථාවක් පවතින අතර, එහි පස අධික කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් බැවින් බීජ හා පැළැටී වර්ධනය සදහා ඉතා සුදුසුය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම වගරු බිම් මේ වන විට ඉතා හොද ශාක විවිධත්වයකින් යුක්තය. මෙම ශාක විවිධත්වය පක්ෂීන් හා සතුන් සදහා වටිනා අභිජනන, සෙවණ හා අහාර ලබා දෙන ස්ථාන ලෙස ක්‍රියා කරයි. නමුත් පාලනයකින් තොරව මෙම ප්‍රදේශ එළිපෙහෙළි කර විවිධ සංවර්ධන කටයුතු සදහා යොදා ගෙන ඇත. වී ගොවිතැන සදහා යොදා ගනු ලැබූ කුඹුරු ඉඩම් ‍බොහෝ විට අත්හැර දමා ඇති අතර මෙවැනි පාළු ඉඩම් පදුරු සහ ලදු කැළෑ වලින් වැසී ඇත. මෙවැනි භූමි ප්‍රදේශ තුල සුලභව දැකිය හැකි ශාක විශේෂ 3කි. එනම්,
  1. වෙල් ආතා       (Annona glabra)
  2. ගොන් කදුරු     (Cebera manghas)
  3. ගදපාන             (Lantana camara)

<èÝØ` ÃÈ
වගුරු බිම් ප්‍රධාන වශයෙන් ගත් කල වැදගත් ක්‍රියාවන් රැසකට ඉටු කරයි. එනම්,
  1. රොන්මඩ හා කාබනික ද්‍රව්‍ය තැන්පත් කරන ලෙස ස්ථාන ලෙස ක්‍රියා කරයි.
  2. පෝෂ්‍ය ද්‍රව්‍ය රදවා තබා ගන්නා ස්ථාන ලෙස ක්‍රියා කරයි.
  3. විෂ අපද්‍රව්‍ය ඉවත් කරන ස්ථාන ලෙස ක්‍රියා කරයි.
  4. වැඩි වැසි ජලය රදවා ගන්නා ස්ථානයක් ලෙස ක්‍රියා කරයි.

මෙම ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස වගුරු බිම් ඒ මතින් ගලා යන ජලය පිරිසිදු කිරීමේ අනර්ඝ කාර්යය සිදු කරයි. තවද මෙම ප්‍රදේශයෙහි ඇති වගුරු බ්ම්වල මූලික වශයෙන් දැකිය හැකි ශාක වර්ග ලෙස Cyprus spp”, Rhynocos pora corymbosa දැක්විය හැකි අතර, මෑතකදී අත්හරින ලද කුඹුරු ඉඩම් වල මීට අමතරව නොයෙකුත් තෘණ වර්ග හා පැලෑට් වර්ග දක්නට ඇත. මේවායේ දක්නට ඇති ශාක විශේෂ අතුරින්  Annona glabra ශාකය මූලික වන අතර එය ජලාශ්‍රිතව වැඩී ඇත. මෙම ශාකය එම ස්ථාන‍යන්හි වගුරුබ්ම් සීඝ්‍ර ලෙස ගොඩබ්ම් බවට පරිවර්තනය කරයි.

ජලජ ප්‍රජාව

     කෝට්ටේ බල ප්‍රදේශය තුල වූ මුළු භූමි ප්‍රමාණයෙන් 12% ක පමණ ප්‍රදේශයක් ඇල මාර්ග සදහා වෙන් වී ඇති අතර එම ඇළ මාර්ග පද්ධතියේ මුළු දිග 34 Km පමණ වේ.

ජීවන වෘත්තිය ලෙස මහා පරිමාණයෙන් මාළු ඇල්ලීම මෙම ප්‍රදේශය තුල තහනම් වන අතර, දැනට ඇතුල්කෝට්ටේ පාලම මත මිනිසුන් දැල් භාවිතා කොට ඉතා සුළු වශයෙන් මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරත වේ.

විවෘත ඇල මාර්ගයන්හි  ්‍රධාන ජලජ ශාක ලෙස Eichonia crassipes මෙම ශාකය ව්‍යාප්ත වී ඇති අතර මීට අමතරව මෙම ශාකය අතුරු ඇල මාර්ගයන්හිද දක්නට ඇත. ඇල මාර්ගයන්හි ඉතා ගැඹුරු ස්ථානවල  Nymphea pubescerce ශාකය වැවී ඇත.
  
මෙම ඇල මාර්ග පද්ධතියේ විශාල ප්‍රමාණයක නඩත්තුව නොසැලිකිලිමත් ලෙස අත්හැර දමා ඇති අතර, බොහාමයක් ඇල මාර්ගයන්හි ඉවුරු කඩා වැටී ඇත. ජනගහනය අධික නාගරික ප්‍රදේශයන්හි නොසැලිකිලිමත් ලෙස කැලි කසල සහ මල අපද්‍රව්‍ය එක් කිරීම සුලභව දැකිය. අඩු ආදායම් ලබන පුද්ගලයන් මෙම ඇල මාර්ග දෙපස ඇති රක්ෂිත ප්‍රදේශය ඔවුන්ගේ තාවකාලික වාසස්ථාන තැනීමට යොදා ගැනීමත් මෙම ඇල මාර්ග තව තවත් පරිහානියට ලක් වීම කෙරෙහි තදින් බලපා ඇත.
  
මෙම බරපතල තත්වය නැවත යථා තත්වයට පත් කිරීම සදහා ඇල මාර්ග අළුත්වැඩියා කිරීම , ඇල පද්ධති පවිත්‍ර කිරීම කළ යුතුය. බොහෝ ස්ථානවලදී මෙම ඇල මාර්ග Salvinia Molasta නම් වූ ඉතා හානිකර ජලජ පැලෑටිය මගින් වසාගෙන ඇත. ඉතා සීඝ්‍රයෙන් පැතිරී යන මෙම පැළැටිය හේතුවෙන් ජලය ගලා යාම අවහිර වී එම ජලය දූෂණයට ලක් වී ඇත. මෙම තත්වය ඇළ මාර්ග අවට ජීවත්වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි  අහිතකර ලෙස බලපානු ඇත.


භෞතික තත්වය :-

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති ගංගා ඇළදොළ හා වෙනත් ජලාශ  :-



ග්‍රාම නිලධාරි වසම


ගංගා ඇළදොළ හා වෙනත් ජලාශ
514 වැලිකඩ නැගෙනහිර
හීන් ඇළ, දියවන්නා අකු ඇළ
514 ඒ වැලිකඩ බටහිර
හීන් ඇළ
514 බී රාජගිරිය

-
514 සී ඔබේසේකරපුර

-
514 ඩී වැලිකඩ උතුර
හීන් ඇළ
519 නුගේගොඩ

-
519 ඒ පාගොඩ
පානදුර ඇළ (දියවන්නා ඇළ)
519 බී නුගේගොඩ බටහිර
දියවන්නා ඔය, පානදුර ඇළ, කුරුළු බැද්ද වගුරුබිම
519 සී පාගොඩ නැගෙනහිර
කටු ඇළ (ආරම්භක ස්ථානය)
520 නාවල බටහිර
නාවල ඇළ (හීන් ඇළ), දෙපා ඇළ
520 ඒ කොස්වත්ත
දියවන්නා ඇළ
520 බී නාවල නැගෙනහිර
දියවන්නා ඇළ
521 ඇතුල්කෝට්ටේ
දියවන්නා ඔය
521 ඒ ඇතුල්කෝටටේ බටහිර
පානදුර ඇළ ,දියවන්නා ඔය
522 පිටකෝට්ටේ බටහිර
දියවන්නා ඇළ
522 ඒ පිටකෝට්ටේ නැගෙනහිර
දියවන්නා ඇළ
522 බී පිටකෝට්ටේ
පිටදිය අගල (පුරා විද්‍යා දෙපාර්තමේන්තුව)
526 ගංගොඩවිල උතුර
-
526 ඒ ගංගොඩවිල දකුණ
කටු ඇළ
526  සී ගංගොඩවිල නැගෙනහිර
-

No comments:

Post a Comment

Translate