බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාසය අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් දෙහිවල,රත්මලාන,මොරටුව
යන කොට්ඨාස වලට පමණක් භූමි ප්‍රමාණයෙන් විශාල වේ.ග්‍රාම නිලධාරි වසම් 20 කින්
සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් හා නැගෙනහිරින් කොලොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද
දකුණින් හා බටහිරින් මහරගම හා තිඹිරිගස්යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද
මායිම් වන අතර භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1,674 ක් පමණ විශාල වේ. මෙම කොට්ඨාසය ශ්‍රී
ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය ලෙස ප්‍රාදේශීය පරිපාලනයේදී සැලකේ.
කොළඹ නගරයේ උප නාගරික කලාපයක්
ලෙසත් ප්‍රධාන පරිපාලන අගනගරය සහ නව පාර්ලිමේන්තු සංකීර්ණය මෙම කොට්ඨාසය තුල පිහිටා තිබීම
නිසාත් අධි නාගරීකරණයට ලක්ව ඇත. ප්‍රදේශයේ පවතින දියුණු මාර්ග ජාලය හා කාර්යක්ෂම
යටිතල පහසුකම් මෙන්ම සීඝ්‍රයෙන් වැඩි වන සේවා ස්ථාන හේතුවෙන් ද මෙම ප්‍රදේශය
සංකේන්ද්‍රණයක් බවට පත්ව තිබේ.
ප්‍රදේශයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් සේවා අංශය වෙත යොමු වී තිබෙන බැවින් වැඩි
ජන සංඛ්‍යාවකගේ ප්‍රධාන ජීවනෝපාය සේවා
අංශය මත පදනම් වී තිබේ.ඊට අමතරව කාර්මික අංශයේ ද පැහැදිළි දියුණු වක් දක්නට
ලැබේ.ප්‍රදේශයේ කෘෂි කර්මාන්තයේ යෙදෙන පිරිස ඉතා සුළු පිරිසක් වන අතර ඔවුන් ද
පූර්ණ කාලීන ගොවින් නොව අර්ධ කාලීන ගොවීන්
වේ.
කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් හා භුමි ප්‍රමාණය:-
ග්‍රාම නිලධාරි වසම බිම්
ප්‍රමාණය
(හෙක්ටයාර්) (අක්කර)
514 වැලිකඩ නැගෙනහිර 119 294
514 ඒ වැලිකඩ බටහිර 48 119
514 බී රාජගිරිය 99 245
514 සී ඔබේසේකරපුර
40 98
514
ඩී
වැලිකඩ උතුර 33 294
519 නුගේගොඩ 25 124
519
ඒ පාගොඩ
72 178
519 බී නුගේගොඩ
බටහිර 72 177
519 සී පාගොඩ
නැගෙනහිර 211 522
520 නාවල බටහිර 85 210
520 ඒ කොස්වත්ත
143 419
520 බී නාවල නැගෙනහිර
105 259
521 ඇතුල්කෝට්ටේ 71 166
521 ඒ ඇතුල්කෝට්ටේ බටහිර 41 73
522 පිටකෝට්ටේ බටහිර 100 247
522
ඒ
පිටකෝට්ටේ නැගෙනහිර 96 227
522 බී පිටකෝට්ටේ 33 240
526 ගංගොඩවිල උතුර 140 346
526 ඒ
ගංගොඩවිල දකුණ
47 116
526 සී ගංගොඩවිල නැගෙනහිර 94 232
එකතුව
1,674 4,585
No comments:
Post a Comment